AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ණය ගෙවා අවසන් කරයි

උග්‍ර ඩොලර් හිඟයෙන් මිදීම සඳහා වසර දෙකකට පෙර මුදල් හුවමාරු ගිවිසුමක් මගින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකා ඩොලර් මිලියන 200ක සම්පූර්ණ ණය මුදල ගෙවා දමා තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ අවසන් වාරික ගෙවීමේදී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 50ක් සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 4.5ක් ගෙවූ බවයි බංග්ලාදේශ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් තහවුරු කර ඇත්තේ.

ශ්‍රී ලංකාව 2021 වසරේ මැයි මාසයේදී වසරක කාලයකින් ගෙවීමේ පදනම මත මෙම ණය ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ණය ආපසු ගෙවීමට අපොහොසත් වූ අතර අනතුරුව ආරථිකය බංකොලොත් බව ප්‍රකාශ කරනු ලැබුවා. එම තත්වය මතයි බංග්ලාදේශයෙන් ලබා ගත ණය ගෙවීමට කාලය ගතවී ඇත්තේ.

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළිත් ප්‍රකෘතිමත් වීමත් සමග ණය ආපසු ගෙවීමට සමත් වී තිබෙනවා.

බංග්ලාදේශ බැංකුවේ වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාව අගෝස්තු 20 වැනිදා ඩොලර් මිලියන 50ක් ආපසු ගෙවා තිබෙනවා. පසුව අගෝස්තු 31 වැනිදා තවත් ඩොලර් මිලියන 100ක් ආපසු ලබා දුන් බවයි සඳහන් වන්නේ. අවසානයේදී, ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉතිරි ඩොලර් මිලියන 50 ආපසු ලබා දුන් බව බංග්ලාදේශ වාර්තා ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබා ගත් ණය වාරික තුනකින් ගෙවා අවසන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
1
+1
30
+1
1
+1
0
+1
6
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?