AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට සුපිරි ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

බංග්ලාදේශය මෙම තරගය ජය ගත්තේ කඩුලු 02කින්.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

මෙම තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණ කැපී පෙනුනා.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකියාව ලැබුණේ ලකුණු 47ක් රැස්කර ගනිමින්.

අනෙකුත් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

අනතුරුව බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර, එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශය ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 08ක් දැවී තිබිය දී පසුකර ගියා.

බංග්ලාදේශ පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් වූ නුවන් තුෂාර සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 18කට කඩුලු 04ක් දවා ගනිමින්.

ජයග්‍රාහි බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ලිටන් දාස් ලකුණු 36ක්, තව්හිඩ් රිඩෝයි ලකුණු 40ක් රැස්කළා.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම මේ වනවිට පරාජයට පත්ව ඇති අතර, සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා සුළු අවස්ථාවක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
6
+1
5
+1
5
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54

?