ශ්‍රී ලංකාව පරදා බංග්ලාදේශයට සුපිරි ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවති තරගය ජයගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

බංග්ලාදේශය මෙම තරගය ජය ගත්තේ කඩුලු 02කින්.

තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

මෙම තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණ කැපී පෙනුනා.

ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත්වීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකියාව ලැබුණේ ලකුණු 47ක් රැස්කර ගනිමින්.

අනෙකුත් කිසිඳු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට සාර්ථක වීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

අනතුරුව බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර, එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බංග්ලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශය ලකුණු 125ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19ක් තුළ කඩුලු 08ක් දැවී තිබිය දී පසුකර ගියා.

බංග්ලාදේශ පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් වූ නුවන් තුෂාර සිය පන්දුවාර 04 අවසන් කළේ ලකුණු 18කට කඩුලු 04ක් දවා ගනිමින්.

ජයග්‍රාහි බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ලිටන් දාස් ලකුණු 36ක්, තව්හිඩ් රිඩෝයි ලකුණු 40ක් රැස්කළා.

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම මේ වනවිට පරාජයට පත්ව ඇති අතර, සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා සුළු අවස්ථාවක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46