2024 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සිදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.
ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඔවුගේ ප්‍රතිවාදීන් වූ පාකිස්ථාන කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන නැගීඑන කණ්ඩායම ලකුණු 135ක සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ඔමේර් යූසුෆ් ලකුණු 68ක් රැස්කළ අතර, අනෙක් පිතිකරුවන්ට ලකුණු 15 සීමාවට හි පැමිණීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 21ක් තුළ කඩුලු 04ක් බිඳ දැමූ අතර, නිපුන් රන්සික සහ එෂාන් මාලිංග කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.
අනතුරුව ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 16යි පන්දු 03ක් තුළ පසුකර යමින් තරගය පහසුවෙන් ජයගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර, ළහිරු උදාර වේගවත් ලකුණු 43ක් පන්දු 20ක් තුළ රැස් කළා.