ශ්‍රී ලංකාව නැගීඑන ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

2024 නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සිදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ඔවුගේ ප්‍රතිවාදීන් වූ පසු ගියවර ශූරතාව දිනාගත් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 07 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන නැගීඑන කණ්ඩායම ලකුණු 135ක සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ඔමේර් යූසුෆ් ලකුණු 68ක් රැස්කළ අතර, අනෙක් පිතිකරුවන්ට ලකුණු 15 සීමාවට හෝ පැමිණීමට ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 21ක් තුළ කඩුලු 04ක් බිඳ දැමූ අතර, නිපුන් රන්සික සහ එෂාන් මාලිංග කඩුලු 02ක බැඟින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 16යි පන්දු 03ක් තුළ කඩුලු 03ක් දැවී පසුකර යමින් තරගය පහසුවෙන් ජයගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර, ළහිරු උදාර වේගවත් ලකුණු 43ක් පන්දු 20ක් තුළ රැස් කළා.

මේ අතර ඕමානයේ පැවැත්වෙන මෙවර තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම් අතර අද (25) රාත්‍රියේ පැවැත්වෙනවා.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 2023 නැගීඑන ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව මුණගැසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27