ශ්‍රී ලංකා කණ්ඩායම පළමු එක්දින තරගයත් පරදියි

නවසීලන්තයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 09ක අමිහිරි පරාජයක් යළිත් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (05) සිදු වුණා.

ඒ වෙලින්ග්ටන් හි දී ආරම්භ වූ දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අවසන් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක මිචෙල් සැන්ට්නර් පළමු ව පන්දු රැකීම තෝරාගත්තා.

එම ඇරයුමෙන් පළමු ව පිතිකරණයට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසාන වීමටත් පෙර සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 178ක් පමණයි.

අදත් දුර්වල සහ සුපුරුදු ළාබාල පිතිකරණ රටා පෙන්වමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වීමට වැඩිවේලා ගත වූයේ නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු පමණක් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූයේ සිය ජාත්‍යන්තර 09 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගනිමින්.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට සාර්ථක එක්දින ලකුණකට යාමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ නොදුන් අතර මැට් හෙන්රි ලකුණු 19කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඩෆී සහ නෙතන් කඩුලු 02ක බැගින් මෙන් ම නායක සැන්ට්නර් එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 179ක පහසු ඉලක්කයක් හඹා යෑම ආරම්භ කළ නවසීලන්තයේ පළමු කඩුල්ල ද දැවී ගියේ ලකුණු 93ක දියි.

ඒ ලකුණු 45ක් අතැතිව සිටි රචින් රවින්ද්‍රා දවා ගනිමින්.

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ව පහර දුන් විල් යන්ග් තරගය ජය ගන්නා විට නොදැවී ලකුණු 90ක් ලබා සිටියා.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 29යි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බිඳ දැමූ දවසේ එකම කඩුල්ලේ අයිතිය ද හිමි වූයේ නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ හටයි.

ඒ අනුව නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති එක්දින තරග 106න් තරග 53ක ම ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් වුණා.

නවසීලන්තයට තරගය ජය ගැනීමට වැය වූයේ පන්දුවාර 26කුත් තවත් පන්දු 02ක් පමණි.

තරගයේ වීරයා සම්මානය කඩුලු 04ක් බිඳ දැමූ මැට් හෙන්රිට හිමි වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ජනවාරි 08 වැනි දා හැමිල්ටන් හි දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44