ශ්‍රී ලංකාව අපරාජිත වාර්තාව රැකගනී

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරග අපරාජිත වාර්තා රැකගෙන මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සුබවාදී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (08) රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ලකුණු 20කින් ජයගනිමින්.

නිමා වූ එංගලන්ත තරගාවලියේ දී පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ යම් පිබිදීමක් ඊයේ පැවති ලෝක කුසලාන තරගයේ දී දැකගත හැකි වුණා
.
මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 163ක් රැස් කළා.
අනතුරුව ලකුණු 164ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු සියල්ල දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 143ක් පමණයි.

ඒ, අනුව ලකුණු 20කින් තරගය ජයගත් ශ්‍රී ලංකාව, අයර්ලන්තයට එරෙහි විස්සයි විස්ස තරග අපරාජිත වාර්තාව රැකගන්නට ද ඊයේ (08) සමත් වුණා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තයට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ මේ දක්වා අවස්ථා හතරක දී මුණගැසී ඇති අතර, එම තරග හතරම ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.

මේ අතර 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 03ක් අද (09) පැවැත් වෙනවා.

ඉතාලි සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තරගය අද ඉන්දියාවේ කොල්කටාහි දී පැවැත්වෙන අතර එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.00ට ආරම්භවීමට නියමිතයි.

ඕමාන සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද (09) පස්වරු 3.00ට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

කැනඩාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වෙන අතර, එම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 07.00ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
3
+1
2
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10