AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (03) රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වෙන්නේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

නිව්යෝර්ක් හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (03) රාත්‍රී 8.00ට ආරම්භ වනවා.

මේ අතර ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝර්ක් හිදී සෙනසුරාදා උදෑසන පැවැත්වීමට සැලසුම්කර තිබූ පුහුණු සැසිය අවලංගු කර එය සෙනසුරාදා සවස පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නිව්යෝර්ක් හි නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට තරග පැවැත්වෙන නසාවු ක්‍රීඩාංගණයට බසයෙන් ඒමට පැය එක හමාරක පමණ කාලයක් ගත වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
2
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?