ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (03) රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වෙන්නේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

නිව්යෝර්ක් හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (03) රාත්‍රී 8.00ට ආරම්භ වනවා.

මේ අතර ෆ්ලොරීඩා නුවර සිට නිව්යෝර්ක් දක්වා පැමිණි විශේෂ ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිව්යෝර්ක් හිදී සෙනසුරාදා උදෑසන පැවැත්වීමට සැලසුම්කර තිබූ පුහුණු සැසිය අවලංගු කර එය සෙනසුරාදා සවස පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නිව්යෝර්ක් හි නවාතැන්ගෙන සිටින හෝටලයේ සිට තරග පැවැත්වෙන නසාවු ක්‍රීඩාංගණයට බසයෙන් ඒමට පැය එක හමාරක පමණ කාලයක් ගත වන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55