ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදයට

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී යි ලෝක බැංකු නියෝජිතයින් විසින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම (Parliamentary budget office), රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන (Social registry) වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කළ සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේකෂා කරන බවයි කියා සිටියේ.

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?