ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළිය අපිට තර්ජනයක් නෑ – ඉන්දියාව

ශ්‍රී ලංකාවට සහාය ලබාදීමේ දී කිසිදු දේශපාලන කොන්දේසියක් තබා ගනිමින් සිය සහාය පිරිනොනැමූ බව ඉන්දීය රජය පවසනවා.

අසල්වාසී මිත්‍ර රාජ්‍යය දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින මොහොතකදී දුන් සහාය තුළ එවන් කිසිදු දේශපාලනික අරමුණක් නොවූ බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පැවසුවේ.

කිසිම විටෙකත් තම රට අසල්වාසීන්ගේ දේශපාලනය පාලනය කිරීමට අපේක්ෂා නොකරන බව ද හෙතෙම අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලනය එරට දේශපාලනයට තර්ජනයක් ද යන ප්‍රශ්නයට පිළිතුරු ලෙසයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළිය එරට ජන මතයේ අවශ්‍යතාව මිසෙක එය ඉන්දියාවට කෙලෙසකවත් තර්ජනයක් නොවන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අසීරු ආර්ථික අර්බුදයක ගිලී සිටින විට ඉන්දීය රජය මගින් අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මුදලක් ලබාදීම මගින් ශ්‍රී ලංකා ආර්ථිකය යළි යම්තාක් දුරකට හෝ පණ ගසා නැගී සිටින ආකාරය දක්නට ලැබීම ගැන සතුටු වන බවයි ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42
Video thumbnail
පුද්ගලයෙක්ට සත්තම දාලා මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පොලිස් ඩබල
00:38
Video thumbnail
වාහනයක් පසුපස පැන්නූසද්ධන්තයා පුද්ගලයෙකු දුටු සැණින් කැළෑවට දිව ගිය හැටි
00:33


?