AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවේ තීරණයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය

ණය හිමියන් සමඟ “සහයෝගී සංවාදයක” නිරත වීමේ ශ්‍රී ලංකාවේ සැලසුම්වලට සහය දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඊයේ ප්‍රකාශ කර සිටියා. ශ්‍රි ලංකාව විදේශීය ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බවට නිවේදනය කිරිමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කලේ.

“ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන බව අපි තක්සේරු කළා. රටේ මූල්‍ය ප්‍රයත්නයන් සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ගැලපීම් වලින් පමණක් ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කළ නොහැකියි” යැයි ශ්‍රී ලංකාව සඳහා IMF හි දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර සිටියා.

“එබැවින්, ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ ණය හිමියන් සමඟ සහයෝගී සංවාදයක නිරත වීමට සැලසුම් කිරීම අපි සාදරයෙන් පිළිගන්නවා,” යැයිද ඔහු පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?