ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට එකඟ වන බව ඉන්දියාව IMF වෙත දන්වයි

ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහනට සහයෝගය ලබාදෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට ඉන්දියාව එකඟ වන බව ඉන්දීය මුදල් අමාත්‍යංශ නිලධාරී රජට් කුමාර් මිශ්‍රා IMF ප්‍රධානියාට දැනුම්දී තිබෙනවා.

ඒ ලිපියක් යොමු කරමින්.

ශ්‍රී ලංකාව IMF වෙතින් ඩොලර් බිලියන 2.9ක ණයක් අපේක්ෂා කරන බැවින්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට දැඩි ලෙස සහාය දෙන බවයි ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ අනාගත ණය වැඩසටහන සඳහා අපගේ ප්‍රබල සහයෝගය මෙයින් තහවුරු කරන අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අනුකූලව මූල්‍ය සහ ණය සහන සමඟ ශ්‍රී ලංකාවට සහාය වීමට කැපවී සිටිමුයනුවෙන් ඉන්දියාව අදාළ ලිපිය මගින් සඳහන් කර තිබෙනවා.

රට මුහුණ දුන් දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ඩොලර් බිලියන 2.9ක ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහ ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට අවශ්‍ය වනවා.

අරමුදල් ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගෙන් පූර්ව මූල්‍ය සහතික ලබා ගැනීමටත්, එහි අධික ණය බර තිරසාර මාවතකට යොමු කිරීමටත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවිය යුතු බවත් IMF ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙනු ඇති බවටයි විශ්වාසය පළ වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?