ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටත් අඛණ්ඩවම ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ ඔහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි ඉළක්ක පිළිබඳව සාකච්ඡා කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය වගා කන්න තුන තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල වැනි ආයතන මගින් විශාල සහයෝගයක් ලබා දුන් බවයි.

විශේෂයෙන් රට තුළ පෑවති ආර්ථික අර්බුදයත් සමග ආර්ථික ස්ථාවරභාවය සඳහා කෘෂිකර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා ගොවි ජනතාවට පොහොර, ඉන්ධන මෙන්ම මුල්‍යාධාර ද ලබා දෙනු ලැබුවා.

මෙම ආධාර හේතුවෙන් ගොවි ජනතාවට විශාල පහසුවක් වූ බවත් ඒ සම්බන්ධව කටයුතු කළ එක්සත් ජාතින්ගේ සංවිධානයට මෙන්ම ඊට අනුබද්ධ ආයතනවලට ද රජය වෙනුවෙන් කෘතවේදිත්වය පළ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා කියාසිටියේ තම සංවිධානයේ මෙන්ම ඊට අනුබද්ධ ආයතනවල සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගන්නා බවයි.

විශේෂයෙන් කෘෂිකාර්මික පාරිසරික සංවර්ධනය, ජල කළමනාකරණය, දේශගුණ විපර්යාසවලින් මෙරට කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම , කෘෂිකාර්මික තාක්ෂණය හදුන්වා දීම වැනි අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?