ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය ඉදිරියටත්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටත් අඛණ්ඩවම ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසනවා.

අද (23) පෙරවරුවේ ඔහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි ඉළක්ක පිළිබඳව සාකච්ඡා කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ. මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය වගා කන්න තුන තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල වැනි ආයතන මගින් විශාල සහයෝගයක් ලබා දුන් බවයි.

විශේෂයෙන් රට තුළ පෑවති ආර්ථික අර්බුදයත් සමග ආර්ථික ස්ථාවරභාවය සඳහා කෘෂිකර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා ගොවි ජනතාවට පොහොර, ඉන්ධන මෙන්ම මුල්‍යාධාර ද ලබා දෙනු ලැබුවා.

මෙම ආධාර හේතුවෙන් ගොවි ජනතාවට විශාල පහසුවක් වූ බවත් ඒ සම්බන්ධව කටයුතු කළ එක්සත් ජාතින්ගේ සංවිධානයට මෙන්ම ඊට අනුබද්ධ ආයතනවලට ද රජය වෙනුවෙන් කෘතවේදිත්වය පළ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා කියාසිටියේ තම සංවිධානයේ මෙන්ම ඊට අනුබද්ධ ආයතනවල සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගන්නා බවයි.

විශේෂයෙන් කෘෂිකාර්මික පාරිසරික සංවර්ධනය, ජල කළමනාකරණය, දේශගුණ විපර්යාසවලින් මෙරට කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම , කෘෂිකාර්මික තාක්ෂණය හදුන්වා දීම වැනි අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58