ශ්‍රී ලංකාවට සහාය වෙන්න ඉන්දියාව සහ ජපානය එක් වෙයි

ඉන්දු-පැසිෆික් කලාපයේ කලාපීය සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සහතික කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් එක්සත් ජනපදය, ඉන්දියාව සහ තවත් ලෝක බලවතුන් කිහිප දෙනෙකු සාකච්ඡා කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සඳහන් කර ඇත්තේ සාමකාමී, ප්‍රගතිශීලී සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා ඉන්දියාව සහ ජපානය පුළුල් පරාසයක අවශ්‍යතා බෙදා ගන්නා බවයි,

ඔහු මෙම අදහස් පළ කළේ ජපාන නියෝජිත Mizukoshi Hideaki මහතා ද සහභාගී වූ උත්සවයකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව IROA සංගමයේ රටවල වැදගත් සාමාජිකයෙකු බව ප්‍රකාශ කළ බග්ලේ, ඉන්දියාව සහ ජපානය මෙහි ජනතාවගේ සමෘද්ධිය සහ සියලු පාර්ශ්වයන්ගේ ප්‍රයෝජනය සඳහා එක්ව කටයුතු කිරීමට විශාල අවස්ථාවක් ඇති බව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ මෑතකාලීන ඉන්දීය සංචාරයේදී දෙරට අතර ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව පිළිබඳ අදහස් හුවමාරු වූ අතර සමීපව කටයුතු කිරීමට එකඟ වූ බව ජපාන තානාපති Hideaki ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත කලාපයටම ප්‍රතිලාභ ගෙන ඒමට රටවල් දෙකකට හැකියාව පවතින ආකාරය ප්‍රදර්ශනය කිරීමට හොඳම ක්ෂේත්‍රය ද්විපාර්ශවික සම්බන්ධතාව බවට තමා විශ්වාස කරන බවයි ජපාන තානාපතිවරයා කියාසිටියේ.

ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර උත්ප්‍රේරණය කිරීම සඳහා මෙම මස මුලදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලලබා දුන් ණය පිළබඳ ජපාන තානාපතිවරයා සිහිපත් කළා.

එය තීරණාත්මක කාල පරිච්ඡේදයේ ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙසටයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පළමු වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් ලැබී ඇති අතර, එය ණය බරින් මිරිකී සිටින රටට වඩා හොඳ මූල්‍ය විනයක් සහ වැඩිදියුණු කළ පාලනයක් සාක්ෂාත් කර ගැනීමට මග පාදනු ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා.

2022 වසරේ දී ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයකට ගොදුරු වූ අතර එය 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු දරුණුතම විදේශ විනිමය සංචිත හිඟයක් හේතුවෙන් රට තුළ දේශපාලන කැළඹීමක් ඇති කළ බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47