ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ගෙන් ලකුණු 190ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හිමි වුණා.

අද (23) පස්වරු 2.30ට පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතව තිබූ දෙරට අතර තරගය ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමේ දී පැය දෙකක් පමණ (පස්වරු 4.30) ප්‍රමාද කෙරුණු අතර ඩක්වත් ලුවිස් න්‍යායය අනුව තරගය පන්දුවාර 44කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට කොදෙව් දේශයට ආරාධනා කළා.

කොදෙව් බලාපොරොත්තු සුන් කරමින් පීඩනකාරී පන්දු යැවීමක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පන්දු බලඇණිය අඩු ලකුණු පරතර පවතිද්දී කොදෙව් පිතිකරුවන් යළි ප්‍රේක්ෂකාගාරයේ අසුන් මත වාඩිකරවීමටයි කටයුතු කළේ.

කොදෙව් කණ්ඩායමේ ලකුණු 31ක් තුළ මුල් පෙළ කඩුලු 04ක් බිඳ වැටීම ද විශේෂත්වයක්.

ශර්ෆේන් රදර්ෆඩ් සහ ගුඩකේෂ් මොටී පමණක් තරගයේ ලකුණු පුවරුව ඔසවා ගැනීමට මහත් ආයාසයක් දැරූ අතර එය බිඳ වැටුණු ලකුණු පුවරුව යම්තාක් දුරකට ඔසවා තැබීමට අනගි ශක්තියක් ගෙන දුන්නා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ‍රදර්ෆර්ඩ් විශිෂ්ට අර්ධ ශතකයක් ලබාගත්තේ එය සිය එක්දින තරග පිටියේ තෙවැනි අර්ධ ශතකය බවට පත් කරගනිමින්.

අසිත ප්‍රනාන්දු යොමු කළ ‘ෆුල්ටොස්’ පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට දැරූ උත්සහාය ව්‍යාර්ථ වෙමින්; ශ්‍රී ලංකාවට කරදරකාරී ඉනිමක් ක්‍රීඩා කළ රදර්ෆර්ඩ්ගේ දැවැන්ත පහර වෙල්ලාලගේගේ විශිෂ්ට පන්දු රැකීමට නතු කරමින් කොදෙව් පිතිකරුවා ව 09 වැනි කඩුල්ල වෙනුවෙන් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

රදර්ෆර්ඩ් වෙත අනෙක් අන්තයේ රැඳී සිටිමින් ගුඩකේෂ් මොටී ප්‍රවේසම්කාරී සහායක් ගෙන දෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය රැස් කරගැනීමට සමත් වුණා.

මොටී නොදැවී ලකුණු 50ක් රැස් කළේ තම කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ව පහසුවෙන් පීඩනයකට ලක් කර දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර එල්ල කරමින් වන අතර ඔහු පන්දු 61කදී සිය අර්ධ ශතකය ලබා ගත්තේ හතරේ පහර 06ක් ද එල්ල කරමින්.

Sherfane Rutherford සහ Gudakesh Motie අතර 09 වැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් ගොඩනැගුණු අතර, කොදෙව්වන් ලකුණු 58කට කඩුලු 08ක් බිඳ වැටී අසීරු අඩියක සිටියදියි මොවුන් දෙදෙනා මෙම ශක්තිමත් ඉනිම දියත් කළේ.

බ්‍රැන්ඩන් කින්ග් (16) හැර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

ඒ අනුව කොදෙව් පිතිකරුවන් අසරණ කිරීමේ පන්දු විලාසයක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු බලඇණිය වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 04ක් ද, අසිත ප්‍රනාන්දු,
හා මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 189ක් ලබා ගත්තේ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 190ක ඉලක්කයක් හිමිකර දෙමින්.

ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර එක්දින තරග 66ක් පවත්වා ඇති අතර ඉන් තරග 32ක් ම ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව සිය මව්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලි 14ක් ජයගෙන තිබෙනවා.

එබැවින් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන්නේ වේලාසනින් ම තවත් තරගයක් ඉතිරිව තිබියදී එක්දින තරගාවලි ජයක් කොදෙව්වන්ට එරෙහිව ලබා ගැනීම සඳහා යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?