ශ්‍රී පාලි මණ්ඩපයට පුරප්පාඩුවක් ව පැවති ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය තුළ සිසුන් 850ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබන අතර, සිසුන් හට ක්‍රීඩා කිරීම හා ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා සුදුසු ක්‍රීඩා පිටියක් නොමැති වීම දැඩි අඩුපාඩුවක්ව පවතිනවා.

එබැවින් ඒ සඳහා පොදු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය ඉඩම් කොටසක් නිදහස් කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය; අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ශ්‍රී පාලි මණ්ඩපයට යාබදව ඇති කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් වන, දැනට කිසිදු වගාවක් සිදු කර නොමැති අක්කර 2.5ක් වන ඉඩම් කොටසක් පොදු ක්‍රීඩාංගණයක් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි වෙන් කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඇති බවත් ඊට අවසරය හිමි ව ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

එම ඉඩම් කොටස වන්දි රහිතව නිදහස් කිරීමට කොටගල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාව ලැබී ඇති අතර, එම කාර්යය සඳහා එකී ඉඩම් කොටස වෙන් කර දීම සම්බන්ධයෙන් එම ඉඩම්වල ස්වර්ණමය කොටස් හිමිකරු වශයෙන් භාණ්ඩාගාරයේ ලේකම්ගේ අනුමැතිය ද ලැබී තිබෙනවා.

ඒ අනුව, කොටගල වැවිලි සමාගම යටතේ පවතින සොරණ වතුයායට අයත් ඉඩමෙන් අක්කර 2.5ක ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?