AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා ගැන තීරණය අද පස්වරුවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා අද (31) ඉදිරිපත් කරන බව පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 2ට පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

පාර්ශ්ව කිහිපයකට වෙන්ව ක්‍රියා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

එවන් පසුබිමක හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනය කළේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසකගේ සහය තමන්ට හිමි වන බව ද රාජපක්ෂ මහතා පැවසුවා.

කෙසේ වෙතත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය අද පස්වරුවේ රැස්වී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවත් තීරණයක් ගැනීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?