ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ එම අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

හෙට (31) දින සිට බලපැවැත්වෙන පරිදි එම ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව සඳහන්.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නව සභාපතිවරයෙකු පත් කරන තෙක්, ඒ.කේ. ඩී.ඩී. ඩිමාල් අරන්දර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ඊට අමතරව, අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !