ශතක 05ක් ම ලබාගෙන තරගයක් පරාජය වූ ලොව පළමු කණ්ඩායම බවට ඉන්දියාව පත්වෙයි

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමී ව පැවැත්වෙන ඉන්දු – එංගලන්ත තරග 05කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරක එංගලන්තයට හිමිවුණා.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 05කින් ලීඩ්ස් ක්‍රීඩාංගණයේ දී පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම පිතිකරණයට ඉන්දියාවට අවස්ථාව ලැබුණු අතර ඔවුන් ලකුණු 471ක් ලබා ගත්තා.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක් ඉනිමක දී ශතක ත්‍රිත්ත්වයක් ම වාර්තා වූ අතර යසස්වි ජයිස්වාල්, ශුබ්මන් ගිල් හා රිෂාබ් පාන්ට් එම පිතිකරුවන් අතර මුලසුන ගත්තා.

කෙසේවෙතත් ඉන්දීය පන්දු යවන්නන් හමුවේ එංගලන්තය පළමු ඉනිමට සියල්ලන්ම ලකුණු 465ක දී දැවී ගිය අතර ලකුණු 06ක් පළමු ඉනිමෙන් ඉදිරියෙන් සිටිමින් ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම ඇරඹුවා.

එහිදී ද නැවතත් ‍රිෂාබ් පාන්ට්ගෙන් ශතයක් හා කේ. එල් රාහුල්ගෙන් ද ශතකයක් වාර්තා වූ අතර, ටෙස්ට් ශතක 05ක් තරගය පුරා ම ලබා ගනිමින් තරගයක් පරාජයට පත් වූ පළමු කණ්ඩායම බවට ද ඊයේ (24) තරග පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩායම පත් වුණා.

ඉන්දියාව ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරග 09 න් ජයග්‍රහණ‍ය කර ඇත්තේ ද එක් තරගයක් පමණක් වීම ද මෙහි දී දැඩි අවධානයට ලක් ව ඇති කරුණක්.

කෙසේවෙතත් දෙවැනි ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 364කට දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර, ජයග්‍රහණයට ලකුණු 371ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 05ක් පමණක් දැවී තිබියදී සිය ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් බෙන් ඩකට් හා සැක් ක්‍රෝව්ලි අතරේ ලකුණු 188ක සබඳතාවක් ගොඩනැගුණා.

බෙන් ඩකට් ලකුණු 149ක් ලබා ගත්තා.

සැක් ක්‍රෝලි ලකුණු 65ක් හා ජෝ රූට් ලකුණු 53කට හිමිකම් කිව්වා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 33ක් සහ නොදැවී ලකුණු 44ක් ලබා ගනිමින් ජෙමී ස්මිත් ජයග්‍රහණයට රූට් සමග එක් ව සිය කණ්ඩායම ගෙන ගියා.

කඩුලු බිඳ දැමීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා, ශර්දුල් තකූර් කඩුලු දෙක බැගින් හා එක් කඩුල්ලක් ජඩේජා ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ එංගලන්තයේ කඩුලු රකින ක්‍රීඩක බෙන් ඩකට් දිනා ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
8
+1
114
+1
6
+1
7
+1
3
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?