ශකීබ් අල් හසන්ගේ නොහොබිනා හැසිරීමට දඩයක් එක්ක අවාසි ලකුණකුත් එක්වෙයි

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට දඩ මුදලක් සහ සිය පෞද්ගලික ක්‍රීඩක ලකුණු ගොන්නට සෘණ ලකුණක් එක් ව තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ ඊට හේතු වී ඇත්තේ බංග්ලාදේශය සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි හි දී පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී ශකීබ් අල් හසන් පන්දු යැවීමට ඒමේදී පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් දෙසට කේන්තියකින් යුතුව පන්දුව දමා ගැසීමේ සිද්ධිය බවයි.

ඒ අනුව ජාත්‍යන්ත‍ර ක්‍රිකට් කවුන්සිලය විසින් ශකීබ්ට සිය තරග ගාස්‍තුවෙන් සියයට 10ක දඩ මුදලක් සහ ඔහුගේ පෞද්ගලික ලකුණු එකතුවට එක් අවාසි ලකුණක් එක් කර තිබෙනවා.

ICC ආචාරධර්ම පළමු වන මට්ටම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ශකීබ් තරගයේ ඉනිම් දෙකෙහිදිම කඩුලු 04ක් පාකිස්ථානයේ බිඳ දමන්නට ද සමත් වුණා.

රිස්වාන් සිය දෙවැනි ඉනිමට ක්‍රීඩා කරමින් සිටියදී ඔහු පන්දුවට පහරදීමට තවදුරටත් සූදානම් නොවුණු බව සංඥා කිරීමත් සමගිනුයි ශකීබ් සිය පන්දුවෙන් රිස්වාන් දෙසට දමා ගසන්නේ.

මෙම සිදුවීමේ දී ශකීබ් යොමු කළ පන්දුව රිස්වාන්ගේ හිසට ඉහළින් ඇඳී යන අතර එය කඩුලු රකින ක්‍රීඩක ලිට්න් දාස් විසින් රැකගනු ලැබුවා.

පසුව තරගයේ විනිසුරු රිචඩ් කෙට්ල්බරෝ විසින් ද ශකීබ්ගේ ක්‍රියාවට තරවටු කරන ආකාරයක් දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?