වොෂින්ටනයේ ගුවන් අනතුරින් මියගිය ගණන 18 දක්වා ඉහළට

අමෙරිකාවේ ධවල මන්දිරයේ සිට කිලෝමීටර් 05ක දුරින් ජෙට් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරත් සමග අදාළ යානා දෙක පොටෝමැක් ගංගාවට ඇද වැටී තිබෙනවා.

අද (30) වන විට එම ගංගාවට වැටුණු යානාවල මියගොස් සිටි මගීන් 18 දෙනෙකුගේ සිරුරු සොයාගැනීමටයි වොෂින්ටන් ආරක්ෂක අංශ සමත් වූයේ.

මෙම ජෙට් යානාවේ අවම වශයෙන් මගීන් 60 දෙනෙකු සමග කාර්‍යය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු සිට තිබෙනවා.

හෙලිකොප්ටර් යානාව අමෙරිකානු ගුවන් සේවයට අයත් එකක් බවත් එහි සොල්දාදුවන් තිදෙනකු ගමන් කරමින් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

වොෂින්ටන් ඩීසී අසල රොනල්ඩ් රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ජෙට් යානාවක් ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේ දීයි එය ගුවන්හමුදා හෙලිකොප්ටරයේ ගැටී ඇත්තේ.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 9ට පමණ එය සිදු ව ඇති අතර PSA ගුවන් සේවයේ බොම්බාර්ඩියර් (Bombardier) CRJ700 ජෙට් යානය ගොස් ගැටී ඇත්තේ සිකෝර්ස්කි UH-60 බ්ලැක් හෝක් හෙලිකොප්ටරයක බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08