වෛද්‍ය ක්ෂේත්‍රය නවීකරණයට ජනාධිපතිගෙන් නව වැඩපිළිවෙලක්

රටක රාජ්‍ය බලයේ රික්තයක් නිර්මාණය වීමට ඉඩ නොතැබිය යුතු බවත්, එවැනි තත්ත්වයක් ඇතිවීම බරපතළ ඛේදවාචකයකට මග පාදන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

රාජ්‍ය බලයේ ඇති වූ රික්තය පිරවීමට බංග්ලාදේශය අසමත් වීම නිසා මේ වන විට එරට ඛේදවාචකවකට මුහුණ දී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 2022 වසරේ දී මෙරට තුළ ද එවැනිම තත්ත්වයක් ඇතිවීමට ගිය බවත්, එම අවස්ථාවේ තමා මැදිහත් ව එය වැලැක්වූ බවත් සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටි‍යේ ‘නිරෝගීමත් අනාගතයක් සඳහා වෛද්‍යවරු’ යන තේමාව යටතේ ඊයේ (12) පස්වරුවේ බත්තරමුල්ල
වෝර්ටස් එජ් හෝටලයේ පැවති වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින්.

මෙම හමුවේ දී ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග විසින් පසුගිය දෙවසරක කාලය තුළ ලබාගත් ආර්ථික ප්‍රගතිය සහ ඉදිරි තත්ත්වය පිළිබඳ විශේෂ දේශනයක් ද සිදු කළා.

මෙහිදී වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත සිය ගැටළු ඍජුවම යොමු කළ අතර ජනාධිපතිවරයා විසින් ඊට සාධනීය පිළිතුරු ලබා දුන්නා.

වෛද්‍යවරුන්ගේ සංසදය අමතමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ වසර 100 කට වඩා පැරණි වෛද්‍ය ආඥාපනත නවීකරණය කිරීම සහ රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා ආවරණය වන පරිදි පුළුල් සෞඛ්‍ය සේවා පනතක් ගෙන එන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21