වේලාසනින් ම කොදෙව් කතුන් පරදා ශ්‍රී ලංකාවට මව්බිමේ දී එක්දින තරගාවලි ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ වේලාසනින් ම තරගාවලි ශූරතාව දිනා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (18) පෙර සමත් වුණා.

ඒ කොදෙව් කතුන් කඩුලු 05කින් පරාජයට පත් කරමින්.

තරගය හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ අද පෙරවරුවේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායිකා Shemaine Campbelle පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණය අතිශය සාර්ථක කරගැනීමට නම් ශ්‍රී ලංකා කාන්තා පන්දු බලඇණිය කිසිසේත් ම කොදෙව්වන්ට ඉඩකඩ ලබා දුන්නේ නැහැ.

ඒ කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 31 අවසානයේ දී සියල්ලන් ම ලකුණු 92කට ක්‍රීඩාගාරයට ආපසු හරවා යවමින්.

කඩුලු බිඳ දැමීමේ දී කවීෂා දිල්හාරි පන්දුවාර 06ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 20ක් පමණක් ලබා දී කඩුලු 04ක් කොදෙව් පිලෙන් බිඳ දැමුවා.

තවත් කඩුලු 02ක බැගින් බෙදී ගියේ නායිකා චමරි අතපත්තුට සහ අශිනි කුලසූරියටයි.

එක් කඩුල්ලක අයිතිය සුගන්ධිකා කුමාරි හට හිමිවුණා.

ජයග්‍රහණයට පන්දුවාර 50ක් තුළ පහසු 93ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 05ක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කළා.

ආරම්භක පිතිකාරිනිය වන විශ්මි ගුණරත්න පන්දු 50ක දී සිය ජාත්‍යන්තර දෙවැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළා.

ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 09ක් ඇතුළත්.

කවීෂා දිල්හාරි ලකුණු 28 යි.

කොදෙව්වන් වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී Karishma Ramharack කඩුලු 02ක් සහ Shamilia Connell, Zaida James සහ Aaliyah Alleyne එක් කඩුල්ලකට වගකීමට සමත් වුණා.

මෙම තරග ජයත් සමගින් කොදෙව් කාන්තාවන්ට එරෙහි එක්දින තරගාවලියේ ශූරයින් බවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පත් වුණේ තවත් එක් තරගයක් ද ඉතිරිව තිබියදීයි.

දෙරට අතර අවසන් එක්දින තරගය එළඹෙන 21 වැනි දින හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
51
+1
1
+1
38
+1
2
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13