Empty Ad
AFC Banner
AFC Banner

ජෙරල්ඩ් කෝට්සිට දෙවන ටෙස්ට් තරගය අහිමිවෙයි

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙරල්ඩ් කෝට්සිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමිව ගොස් තිබෙනවා.

ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

කෝට්සිගේ දකුණු ඉකිලියේ මාංශ පේශිවල මෙම අබාධය හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ දී ඔහු පන්දු යවමින් සිටිය දී ඉකිලියේ අපහසුතාවයට පත්ව ඇති අතර, පසුව සිදුකළ ස්කෑන් පරීක්ෂනයේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවේ ඔහුට සති හතරක් හෝ හයක අතර කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඔහුට සංචිතයෙන් ඉවත්වීම සිදුවීමත් සමඟ 18 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මපාකා කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.

සංචාරක ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරට දෙවන ටෙස්ට් තරගය ලබන 05 වනදා ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?