වෙනිසියුලා විපක්ෂ නායක සරණාගතභාවය පතා රටින් පනී

වෙනිසියුලානු විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් සරණාගතභාවය පතා රට හැර ගොස් ඇති බව වාර්තා වනවා.

විපක්ෂ නායකවරයා සරණාගතභාවය පතා ස්පාඤ්ඤයට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය ජූලි මාසයේ පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන තිබුණා.

දින කිහිපයකට පෙර කැරකාස් හි ස්පාඤ්ඤ තානාපති කාර්යාලයේ රැකවරණය ලැබීමෙන් පසු වෙනිසියුලානු විපක්ෂ නායකවරයා ස්පාඤ්ඤ රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමෙන් පසු මෙලෙස රටින් පිටව ගොස් ඇති බවයි වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසන්නේ.

ජුලි 28 පැවති වෙනිසියුලා ජනාධිපතිවරයෙන් ජයග්‍රාහකයා ලෙස ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රකාශ කිරීමෙන් පසු වෙනිසියුලාව දේශපාලන අර්බුදයකට ලක් වුණා.

ඒ, ජනාධිපතිවරණයට තරග කළ ගොන්සාලෙස් විපක්ෂ නායකවරයා පහසු ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කළ බවට සාක්ෂි තමන් සතුව ඇති බවට විපක්ෂය ප්‍රකාශ කිරීමත් සමඟයි.

මේ සමඟ වෙනිසියුලාව තුළ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වූ අතර, එහිදී 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 192 දෙනෙකු තුවාල ලැබුවා.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවල දී ජනාධිපති මදුරෝගේ සහ විපක්ෂ නායක ගොන්සාලෙස්ගේ ආධාරකරුවන් 2,400 ක් පමණ අත්අඩංගුවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?