වෙනිසියුලා විපක්ෂ නායක සරණාගතභාවය පතා රටින් පනී

වෙනිසියුලානු විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් සරණාගතභාවය පතා රට හැර ගොස් ඇති බව වාර්තා වනවා.

විපක්ෂ නායකවරයා සරණාගතභාවය පතා ස්පාඤ්ඤයට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පසුගිය ජූලි මාසයේ පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන තිබුණා.

දින කිහිපයකට පෙර කැරකාස් හි ස්පාඤ්ඤ තානාපති කාර්යාලයේ රැකවරණය ලැබීමෙන් පසු වෙනිසියුලානු විපක්ෂ නායකවරයා ස්පාඤ්ඤ රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටීමෙන් පසු මෙලෙස රටින් පිටව ගොස් ඇති බවයි වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් පවසන්නේ.

ජුලි 28 පැවති වෙනිසියුලා ජනාධිපතිවරයෙන් ජයග්‍රාහකයා ලෙස ජනාධිපති නිකලස් මදුරෝ ප්‍රකාශ කිරීමෙන් පසු වෙනිසියුලාව දේශපාලන අර්බුදයකට ලක් වුණා.

ඒ, ජනාධිපතිවරණයට තරග කළ ගොන්සාලෙස් විපක්ෂ නායකවරයා පහසු ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කළ බවට සාක්ෂි තමන් සතුව ඇති බවට විපක්ෂය ප්‍රකාශ කිරීමත් සමඟයි.

මේ සමඟ වෙනිසියුලාව තුළ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වූ අතර, එහිදී 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 192 දෙනෙකු තුවාල ලැබුවා.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවල දී ජනාධිපති මදුරෝගේ සහ විපක්ෂ නායක ගොන්සාලෙස්ගේ ආධාරකරුවන් 2,400 ක් පමණ අත්අඩංගුවට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21