වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති මම – ට්‍රම්ප් කියයි

වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

සංස්කරණය කරන ලද විකිපීඩියා පිටුවක මෙන් හැඩගස්වා ඇති රූපයක් සමාජ මාධ්‍යයේ පළකරමින් ට්‍රම්ප් මේ බව සඳහන් කරනවා.

එහි ඔහුගේ ධූර කාලය එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙස දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් සැබෑ විකිපීඩියා පිටුවේ ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ලැයිස්තුගත කර නොමැති අතර, කිසිදු ජාත්‍යන්තර ආයතනයක් එම ප්‍රකාශය පිළිගෙන නැහැ.

ට්‍රම්ප්ගේ මෙම සටහන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ එක්සත් ජනපදය විසින් අල්ලාගෙන ඉවත් කිරීමෙන් පසුව සිදුකරන ලද්දක්.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

එහිදී ඇමරිකානු හමුදාව විසින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13