වෙනිසියුලාවේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපද හමුදා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත් විට “නිර්භීත කියුබානු සටන්කරුවන්” 32 දෙනෙකු මිය ගිය බව කියුබානු රජය පවසනවා.

මදුරෝගේ දිගුකාලීන සමාජවාදී සගයෙකු වන කියුබාව දින දෙකක ජාතික ශෝක කාලයක් ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවේ නව නායිකා ඩෙල්සි රොඩ්‍රිගස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

The Atlantic පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඇය හරි දේ නොකළහොත්, ඇයටද ඉතා විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

බොහෝ විට එය මදුරෝට වඩා විශාල මිලක් විය හැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත්තේ.

වෙනිසියුලාව සඳහා, “පාලන තන්ත්‍ර වෙනසක්, ඔබට එය හැඳින්වීමට අවශ්‍ය ඕනෑම දෙයක්, ඔබට දැන් ඇති දෙයට වඩා හොඳයි. තවත් එය නරක අතට හැරිය නොහැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ආරක්ෂිත සහ විචක්ෂණශීලී සංක්‍රාන්තියක් වෙනිසියුලාව තුළ ඇති වන තුරු එක්සත් ජනපදය, වෙනිසියුලාව පාලනය කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

මේ අතර අමෙරිකානු ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
18
+1
10
+1
2
+1
6
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?