වෙනිසියුලාවේ නව නායකයාට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපද හමුදා වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත් විට “නිර්භීත කියුබානු සටන්කරුවන්” 32 දෙනෙකු මිය ගිය බව කියුබානු රජය පවසනවා.

මදුරෝගේ දිගුකාලීන සමාජවාදී සගයෙකු වන කියුබාව දින දෙකක ජාතික ශෝක කාලයක් ද මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවේ නව නායිකා ඩෙල්සි රොඩ්‍රිගස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

The Atlantic පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඇය හරි දේ නොකළහොත්, ඇයටද ඉතා විශාල මිලක් ගෙවීමට සිදුවනු ඇති බවයි.

බොහෝ විට එය මදුරෝට වඩා විශාල මිලක් විය හැකි බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත්තේ.

වෙනිසියුලාව සඳහා, “පාලන තන්ත්‍ර වෙනසක්, ඔබට එය හැඳින්වීමට අවශ්‍ය ඕනෑම දෙයක්, ඔබට දැන් ඇති දෙයට වඩා හොඳයි. තවත් එය නරක අතට හැරිය නොහැකියි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම ආරක්ෂිත සහ විචක්ෂණශීලී සංක්‍රාන්තියක් වෙනිසියුලාව තුළ ඇති වන තුරු එක්සත් ජනපදය, වෙනිසියුලාව පාලනය කරන බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

මේ අතර අමෙරිකානු ආධිපත්‍ය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
18
+1
10
+1
2
+1
6
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29