වෙන්නප්පුව වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි – දෙදෙනෙක් පළාගිහින්

වෙන්නප්පුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවෙක් අද (31) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කළා.

මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සමඟ අපරාධය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවිය, කඩුවක් සහ ඔවුන් පැමිණි බව කියන මෝටර් රථය ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු වයස අවුරුදු 35ක අයෙක් බවයි වාර්තා වුණේ.

වෙන්නප්පුව පොලිස් ස්ථානය අසල වැව පාර ප්‍රදේශයේ දී අද පෙරවරු 10.30ට පමණ මෙම අපරාධය සිදුව තිබුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙක් හප්පා අනතුරට ලක්කර ඔවුන්ට තියුණු ආයුධවලින් පහර දී වෙඩි තබා තිබුණා.

එහිදී එම ස්ථානයේදීම එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතරම අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය ලක්වූ පුද්ගලයා මහාධිකරණ නඩුවකට අදාළව වෙන්නප්පුව පොලිසියට පැමිණ යළි ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ නඩුව සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලබන මස 09 වැනිදා ලබාදීමට නියමිතව තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?