වෙඩි වැදුණු ධීවරයින් බැලීමට ඉන්දීය කොන්සල් ජනරාල් යයි

මෙරට නාවික හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන ඉන්දීය ධීවරයින්ගේ තත්ත්වය නිරීක්ෂණයට ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී සායි මුරලි මහතා ඊයේ (28) පැමිණියා.

ඒ යාපනය ශික්ෂණ රෝහල වෙත යි.

මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින් දෙදෙනකුට වෙඩි තබා තිබෙන අතර ඊට හේතුව වී ඇත්තේ නාවික හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ගිනි අවි උදුරා ගැනීමට උත්සාහ දැරීම බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තුවාල ලැබූ දෙදෙනකු රෝහල්ගත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර තවත් ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදාව අත් අඩංගුවට ගෙන යාපනය – කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්‍යාලයට භාර දුන්නා.

දණහිසෙන් පහළට වෙඩි තැබීම් සිදු කර ඇති බවත් කිසිදු ධීවරයෙකුගේ තුවාල බරපතළ නොවන බවයි පැවසෙන්නේ.

තුවාලකරුවන් නිරීක්ෂණයට යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.

කෙසේවෙතත් ඉන්දීය ධීවරයින් වෙත මෙරට නාවික හමුදාව විසින් වෙඩි තැබීම ගැන ඉන්දීය රජය
සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?