වෙඩි වරුසාවෙන් බරපතළ තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳට සැත්කමක්

Update :- දෙදෙනකුට මරු කැඳවූ අතුරුගිරිය වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත නොහොත් ‘ක්ලබ් වසන්තගේ’ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

හෝමාගම රෝහල් ආරංචි මාර්ග පවසන්නේ; අද (08) පෙරවරුවේ මෙම කාන්තාව වෙඩි වැදීමෙන් සිදු වූ බරපතළ තුවාල සමග රෝහලට ඇතුළත් කළ බවයි.

ක්ලබ් වසන්තට අයත් නව ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ යෙදී තිබුණා.

ඒ අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ යි මෙම නව ව්‍යාපාරික මධ්‍යස්ථානය තවත් කඩ කාමරයක ඉහළ මහලේ පිහිටා තිබුණේ.

මෙම ව්‍යාපාරික මධ්‍යස්ථානය ‘ටැටූ’ (Tatoo) මධ්‍යස්ථානයක් ලෙසටයි අද දින සුබ මොහොතින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබී ඇත්තේ.

එම ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කර ටික වේලාවක් ගත වෙද්දී සුදු පැහැති මෝටර් රථයකින් හිස් වැසුම් සහ මුඛ ආවරණ පැළැඳ පැමිණි නන්නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසකට වෙඩි තැබීම් සිදු කළා.

එහිදී ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වූයේ උරහිසේ සිට ඉනෙන් පහළ ප්‍රදේශ වන තෙක් මුළු සිරුර පුරා වැදුණු වෙඩි උණ්ඩ හේතුවෙන්.

එමෙන්ම මෙම වෙඩි ප්‍රහාරයන්ගෙන් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාට ද බරපතළ තුවාල සිදු වූ අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම ස්ථානයේ රැඳී සිටි ක්ලබ් වසන්තගේ බිරිඳට ද වෙඩි ප්‍රහාරයට ලක් වන්නට සිදු වූ අතර; ඇය ද සිදුවීමෙන් බරපතළ තුවාල ලබා මෙලෙස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් පසුවයි ශල්‍යකර්මයකට මුහුණ පා ඇත්තේ.

මෙම සිදුවීමෙන් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව ද වාර්තා වනවා.

මේ අතර ඝාතකයින් පැමිණි මෝටර් රථය කොරතොට – කඩුවෙල ප්‍රදේශයේ මග දමා තිබියදී පොලිස් භාරයට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
6
+1
4
+1
56
+1
8
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08