වෘත්තීය පුහුණුව තුළ නවෝත්පාදන සිදුකර වෙළෙඳපොළට යැවිය යුතුයි – අධ්‍යාපන ඇමති

වෘත්තීය පුහුණුව තුළින් නවෝත්පාදන සිදු කර එම නිර්මාණ වෙළෙඳපොළට ගෙන යා යුතු මාර්ගය සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

එම මාර්ගය සැකසීමේ දී ගැහැනු – පිරිමි භේදයකින් තොරව අවස්ථාවන් ලබා දිය යුතු බවත්; ඊට හේතුව තාක්ෂණවේදය විෂයට දෙපාර්ශ්වයේ ම දැඩි උනන්දුවක් මේ වනවිට නිර්මාණය වී තිබීම බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ‘සිලෝන් විමෙන් සංවිධානය’ ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු වුණා.

මෙම අවස්ථාවට එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත මෙල්කි පෙරේරා, එම සංවිධානයේ කැනඩා, ඔස්ට්‍රෙලියා, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි නියෝජිතයන් දඑක් වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?