වෘත්තීය පුහුණුව තුළ නවෝත්පාදන සිදුකර වෙළෙඳපොළට යැවිය යුතුයි – අධ්‍යාපන ඇමති

වෘත්තීය පුහුණුව තුළින් නවෝත්පාදන සිදු කර එම නිර්මාණ වෙළෙඳපොළට ගෙන යා යුතු මාර්ගය සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

එම මාර්ගය සැකසීමේ දී ගැහැනු – පිරිමි භේදයකින් තොරව අවස්ථාවන් ලබා දිය යුතු බවත්; ඊට හේතුව තාක්ෂණවේදය විෂයට දෙපාර්ශ්වයේ ම දැඩි උනන්දුවක් මේ වනවිට නිර්මාණය වී තිබීම බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ‘සිලෝන් විමෙන් සංවිධානය’ ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර ඇති ව්‍යාපෘති පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මෙම වැඩසටහනේ දී සන්නාම තානාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු වුණා.

මෙම අවස්ථාවට එම සංවිධානයේ ජාත්‍යන්තර නියෝජිත මෙල්කි පෙරේරා, එම සංවිධානයේ කැනඩා, ඔස්ට්‍රෙලියා, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි නියෝජිතයන් දඑක් වූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?