විෂ ශරීරගත වූ කෙනෙරක් මරුට

විෂක් ශරීර ගතවීමෙන් මිය ගිය බවට සැක කෙරෙන කෙනරක් සම්බන්ධ පුවතක් මොරගොඩ මෙගොඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වන ජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 18-20ක් පමණ වන කෙනරක්.

විෂක් ශරීර ගතවීම හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ මෙම සත්වයාට වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර කර තිබුණා.

මෙම කෙනර මානංකට්ටිය, රිටිගල, මොරගොඩ ආදී ප්‍රදේශවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලි රංචුවක සිටි එකෙකු බව සඳහන්.

අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ විෂ ශරීර ගත වීමකින් එම කෙනර මරණයට පත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේ සහය ඇතිව එම කෙනරගේ මළ සිරුර ඊයේ (18) සවස එම ස්ථානයේදීම මිහිදන් කිරීමට කටයුතු කර තිබුණා.

මෙම කෙනෙරට විෂ ශරීරගත වූ ආකාරය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?