විෂ රසායනික ද්‍රව්‍ය කිලෝ 500ක් විනාශයට පියවර (ඡායාරූප)

රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 500ක් පමණ බරැති විෂ රසායනික ද්‍රව්‍ය තොගයක් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් විනාශ කිරීමට කටුනායක ඉන්සී එකෝ සයිකල් ආයතනය වෙත භාර දී තිබෙනවා.

ඊයේ (10) සවස කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසිනුයි මෙම විෂ රසායනික ද්‍රව්‍යය තොගය භාරදීම සිදු කෙරුණේ.

කඩුවෙල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගෙන, ඔහු විසින් නිෂ්පාදනය කර සහ තවත් ඇතැම් රසායනික ද්‍රව්‍ය ආනයනය කර ඔහුගේ ව්‍යාපාරික නාමයෙන් තොරව වෙනත් නම්වලින් ඇසුරුම් කර මෙම කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය රජයේ පාසැල්, පෞද්ගලික පාසැල්, රජයේ විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, රසායනාගාර වෙත අලෙවි කරමින් සිටියදීයි මෙම වැටලීම සිදු කෙරුණේ.

කොළඹ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි මත සැකකරුව අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අධිකරණයෙන් ලද නියෝග මත මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය තොගය මහ පොළවට හැලීමට සූදානම් වූ අවස්ථාවේ පසේ තිබෙන සාරවත්භාවයට, පී.එච්. අගයට ,බැර ලෝහ පසට එකතු වීමට ඇති අවස්ථාව, ජල මූලාශ්‍ර වෙත මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය එකතු වීම, පසේ සිටිනා පෙනෙන නොපෙනෙන කුඩා ජීවීන් විනාශ වී යාමේ අවදානම සළකා බලා මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත රජයේ සහ අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ පිරිවිතරයන්ට අනුකූලව මෙම කල් ඉකුත් වූ විෂ රසායනික ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සඳහායි මෙය පෞද්ගලික ආයතනයකට භාර කෙරුණේ.

ඉන්සී එකෝ සයිකල් ආයතනය මෙම විෂ රසායනික ද්‍රව්‍ය තොගය මුළින්ම ද්‍රාවණයක් බවට පත් කර පසුව ඒවා ඝන අපද්‍රව්‍ය බවට පත් කර පුත්තලම, අරුවක්කාඩුව ප්‍රදේශයේ තිබෙන සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාවේ දහන උදුන වෙත යැවීමට පියවර ගන්නා බව එම ආයතනයේ ඉංජිනේරුවරයෙකු කියා සිටියා.

මෙම ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රාදේශීය සභා, නගර සභාවලින් මාසිකව එකතු වන කැළි කසළ මෙට්‍රික් ටොන් 25,000 ක ප්‍රමාණය බැගින් භාරගෙන, පුත්තලම දහන උදුන වෙත යවා විනාශ කිරීමට ද පියවර ගන්නා බවයි පැවසෙන්නේ.

20240710 164340 scaled
20240710 175718 scaled
20240710 174550 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?