විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ උපකරණයක් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි හඳුන්වාදීමට නියමිත බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජී. ජේ. සේනාධීර පවසනවා.
මෙහි නියමු ව්‍යාපෘතිය අද (17) දිනයේ සිට කොළඹ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා යටතේ ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.
මේ අතර ඉදිරියේ දී රථ වාහන වැරදි සම්බන්ධයෙන් ගෙවිය යුතු සියලු දඩ මුදල් ගෙවීම GovPay හරහා මාර්ග ගත ක්‍රමයට පමණක් ගෙවීමට සිදුවන බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම රථ වාහන වැරදි සිදුකරන රියදුරන්ට අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ඉදිරියේ දී ආරම්භ කරන බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි පැවසුවේ.



