විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අලුත් තනතුරක්

ගෝලීය හරිත වර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත්කර තිබෙනවා.

පසුගියදා දකුණු කොරියාවේ සෝල් නුවර පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11 වැනි සමුළුවේ දී විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට මෙම තනතුර හිමිව ඇති බවයි වාර්තා වුණේ.

ගෝලීය හරිත වර්ධන ආයතනය සභාපතිවරයකුගෙන් හා උපසභාපතිවරු දෙදෙනෙකුගෙන් සමන්විත වනවා.

ඒ අනුව එහි උප සභාපති තනතුරු සඳහා මෙවර ශ්‍රී ලංකාව හා දකුණු කොරියාවේ නියෝජිතයින් පත්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් විසින් මෙම අන්තර්ජාතික සංවිධානයේ වර්තමාන සභාපතිත්වය දරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?