විශාඛා විද්‍යාලයේ සිසුවියන් පැරණි පාර්ලිමේන්තුවට (ඡායාරූප)

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට “Clean Sri Lanka” ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව උදා වූ බවයි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු” විෂන් ” සඟරාවෙහි සමරු කලාපය පාර්ලිමේන්තු කටයුතු සහ විධායකගේ කාර්යභාර සම්බන්ධ සහකාර අධ්‍යක්ෂක නදීක දංගොල්ල මහතා විසින් අග්‍රාමාත්‍යවරියට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

විශාඛා විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවා.

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරු පරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා.

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජය අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට නායකත්වය දෙන ආර්ථිකයට දායක විය හැකි කුසලතා පිරි යෞවනයක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

පාසල් අතර සම්පත් බෙදීයාමේ විෂමතාව නැති කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඒ සඳහා පුරවැසියාගේ වගකීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්;

නායකත්වය මමත්වයෙන් තොර විය යුතුයි. මමත්වයෙන් තොර නායකයින් රටට මෙන් ම ජනතාවට හොඳ දිශානතියකට ගෙන යනවා. ඒ සඳහා කුසලතා ප්‍රගුණ කළ යුතුයි. ලංකා ඉතිහාසයෙන් හෝ ලෝක ඉතිහාසයෙන් දක්ෂ නායකයින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. චණ්ඩාශෝක ධර්මාශෝක වූ ආකාරය මෙන්ම හිට්ලර්ගේ ඒකාධිපතිවාදයෙන් ලෝකය විනාශයට ඇද දැමූ ආකාරය දරුවන් ලෙස අධ්‍යයනය කළ යුතුයි. අවම පාරිභෝජනවාදයක් ඇති, රට ගැන හිතන නායකයින් බිහි වීම රටක ස්ථාවරත්වයට පහසු මගයි. එම නිසා රට ගැන හිතන අභියෝග දරාගත හැකි නායකයින් බිහි කිරීමට අප කටයුතු කළ යුතුයි. පරාර්ථයම පරමාර්ථය කරගැනීමෙන් රටේ ජනතාවට සුබ අනාගතයක් ඇති කළ හැකියි.”

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හිමාලී වීරසේකර, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන්.කුමාරසිංහ, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ද, විශාඛා විද්‍යාලීය විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු ගුරුභවතුන් හා ශිෂ්‍යයාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියා.

IMG 20250325 WA0047
IMG 20250325 WA0007
IMG 20250325 WA0008
IMG 20250325 WA0009
IMG 20250325 WA0010
IMG 20250325 WA0011
IMG 20250325 WA0012
IMG 20250325 WA0038
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?