විශාඛා විද්‍යාලයේ සිසුවියන් පැරණි පාර්ලිමේන්තුවට (ඡායාරූප)

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී අද (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට “Clean Sri Lanka” ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව උදා වූ බවයි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු” විෂන් ” සඟරාවෙහි සමරු කලාපය පාර්ලිමේන්තු කටයුතු සහ විධායකගේ කාර්යභාර සම්බන්ධ සහකාර අධ්‍යක්ෂක නදීක දංගොල්ල මහතා විසින් අග්‍රාමාත්‍යවරියට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

විශාඛා විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවා.

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරු පරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළා.

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජය අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට නායකත්වය දෙන ආර්ථිකයට දායක විය හැකි කුසලතා පිරි යෞවනයක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

පාසල් අතර සම්පත් බෙදීයාමේ විෂමතාව නැති කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඒ සඳහා පුරවැසියාගේ වගකීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නක්;

නායකත්වය මමත්වයෙන් තොර විය යුතුයි. මමත්වයෙන් තොර නායකයින් රටට මෙන් ම ජනතාවට හොඳ දිශානතියකට ගෙන යනවා. ඒ සඳහා කුසලතා ප්‍රගුණ කළ යුතුයි. ලංකා ඉතිහාසයෙන් හෝ ලෝක ඉතිහාසයෙන් දක්ෂ නායකයින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. චණ්ඩාශෝක ධර්මාශෝක වූ ආකාරය මෙන්ම හිට්ලර්ගේ ඒකාධිපතිවාදයෙන් ලෝකය විනාශයට ඇද දැමූ ආකාරය දරුවන් ලෙස අධ්‍යයනය කළ යුතුයි. අවම පාරිභෝජනවාදයක් ඇති, රට ගැන හිතන නායකයින් බිහි වීම රටක ස්ථාවරත්වයට පහසු මගයි. එම නිසා රට ගැන හිතන අභියෝග දරාගත හැකි නායකයින් බිහි කිරීමට අප කටයුතු කළ යුතුයි. පරාර්ථයම පරමාර්ථය කරගැනීමෙන් රටේ ජනතාවට සුබ අනාගතයක් ඇති කළ හැකියි.”

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හිමාලී වීරසේකර, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන්.කුමාරසිංහ, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ද, විශාඛා විද්‍යාලීය විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු ගුරුභවතුන් හා ශිෂ්‍යයාවන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියා.

IMG 20250325 WA0047
IMG 20250325 WA0007
IMG 20250325 WA0008
IMG 20250325 WA0009
IMG 20250325 WA0010
IMG 20250325 WA0011
IMG 20250325 WA0012
IMG 20250325 WA0038


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39