ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් දිවයින පුරා පැවැත්වෙන විරෝධතා සඳහා සහය දක්වමින් එක්දින සංකේත වර්ජනයක නිරතවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනිද්දා දිනයේදී දිවයින පුරා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාලවල එය ක්‍රියාත්මක වනු ඇති.
සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු පූර්ණව නැවත ආරම්භ කරන ලෙසටද ඔවුන් ඉල්ලා සිටිනවා.
අනිද්දා පස්වරු 01 ට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පාගමනකින් ගාලු මුවදොර දක්වා ගමන් කිරීමටද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සැළසුම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13














