විශ්ව විද්‍යාල ආචාර්යවරුන් එක්දින වර්ජනයක

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන්නැයි බල කරමින් දිවයින පුරා පැවැත්වෙන විරෝධතා සඳහා සහය දක්වමින් එක්දින සංකේත වර්ජනයක නිරතවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අනිද්දා දිනයේදී දිවයින පුරා සියලු රාජ්‍ය විශ්ව විද්‍යාලවල එය ක්‍රියාත්මක වනු ඇති.

සියලු විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු පූර්ණව නැවත ආරම්භ කරන ලෙසටද ඔවුන් ඉල්ලා සිටිනවා.

අනිද්දා පස්වරු 01 ට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පාගමනකින් ගාලු මුවදොර දක්වා ගමන් කිරීමටද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සැළසුම් කර තිබෙනවා.