AFC Banner
Empty Ad
Empty Ad

විශ්වාසයභංග යෝජනාව ගැන හෙට විශේෂ සාකච්ජාවක්

ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට (10) රැස්වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම වෙත යොමු කිරීමට නියමිතයි.

සමගි ජනබලවේගය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ හෙට සිය පක්ෂ කාර්යාලයේ දී මන්ත්‍රී කණ්ඩායම රැස්වන බවයි.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීම මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා. අදාළ මන්ත්‍රීවරයා සඳහන් කළේ විශ්වාසභංගයට අදාළ අත්සන් ලබා ගැනීමෙන් අනතුරුව එය කථානායකවරයා වෙත භාරදෙන බවයි.

විශ්වාසභංගයට සහය ලබා ගැනීම සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමග සහ ස්වාධීන වූ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය නොමැති බවට පෙන්වීම තම අරමුණ බවයි අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?