AFC Banner
Empty Ad
Empty Ad

විශ්වවිද්‍යාල ආරම්භය ගැන නිවේදනයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, වයස අවුරුදු  20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.

ප්‍රශ්නය – විශ්වවිද්‍යාල භූමියට ළමුන් ඇතුළත් වීමේ දී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු ද?

“ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් අරන් නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. රටවල් අතර සම්බන්ධතාවලදී පවා එය අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් මං හිතන්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් එය අනිවාර්ය විය හැකියි.”

ප්‍රශ්නය – පිටරට යන්න සුදානමින් ඉන්න සිසුන්ට මොනවගේ එන්නත් ද ලබාදෙන්න සුදානම්.

“ලංකාවේ ඉන්නවා විදේශීය සිසුන්. ඒ අයටත් ලංකාවේ අයට වගේම අපගේ එන්නත්කරණ වැඩසටහන තුළින් ඔවුන් ට එන්නත් ලබාදුන්න. ලෝක සෞඛ්‍ය සංවිධනය විසින් කිසිදු එන්නතක් වර්ගීකරණය කරලා නොමැති වුණත් ප්‍රායෝගිකව තමන්ගේ රටවල්වලට ඇතුළුවීමේ දී ලබාගත යුතු එන්නත සඳහන් කරා. එ නිසා මා දන්නා තරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඍජුව සම්බන්ධ නොවුණත් ඒ ඒ රටවලින් ඉල්ලා ඇති එන්නත ලංකාවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”

මේ අතර, 2020 වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටි දරුවන්ගේ කඩයිම් ලකුණු ඔක්තෝබර් මාසයේ දෙවැනි සතියේ නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,000ක් පමණ බඳවා ගැනීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?