විශ්වවිද්‍යාල ආරම්භය ගැන නිවේදනයක්

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, වයස අවුරුදු  20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බැවින් නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.

ප්‍රශ්නය – විශ්වවිද්‍යාල භූමියට ළමුන් ඇතුළත් වීමේ දී එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබිය යුතු ද?

“ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් අරන් නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. රටවල් අතර සම්බන්ධතාවලදී පවා එය අත්‍යවශ්‍ය දෙයක් වන බැවින් මං හිතන්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් එය අනිවාර්ය විය හැකියි.”

ප්‍රශ්නය – පිටරට යන්න සුදානමින් ඉන්න සිසුන්ට මොනවගේ එන්නත් ද ලබාදෙන්න සුදානම්.

“ලංකාවේ ඉන්නවා විදේශීය සිසුන්. ඒ අයටත් ලංකාවේ අයට වගේම අපගේ එන්නත්කරණ වැඩසටහන තුළින් ඔවුන් ට එන්නත් ලබාදුන්න. ලෝක සෞඛ්‍ය සංවිධනය විසින් කිසිදු එන්නතක් වර්ගීකරණය කරලා නොමැති වුණත් ප්‍රායෝගිකව තමන්ගේ රටවල්වලට ඇතුළුවීමේ දී ලබාගත යුතු එන්නත සඳහන් කරා. එ නිසා මා දන්නා තරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඍජුව සම්බන්ධ නොවුණත් ඒ ඒ රටවලින් ඉල්ලා ඇති එන්නත ලංකාවෙන් ලබාදෙන්න කටයුතු කරනවා.”

මේ අතර, 2020 වසරේ උසස් පෙළ සඳහා පෙනී සිටි දරුවන්ගේ කඩයිම් ලකුණු ඔක්තෝබර් මාසයේ දෙවැනි සතියේ නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව බලාපොරොත්තු වන බව ද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 42,000ක් පමණ බඳවා ගැනීමට නියමිත බවත් ඒ මහතා කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44