විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 02 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුව මුදාහැරීමටයි නියෝග කර ඇත්තේ.

මහනුවර මහේස්ත්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා විසින් ඊයේ (06) දින මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා වට්ස්ඇප් ඔස්සේ තමන්ට තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?