AFC Banner
AFC Banner
Empty Ad

විශ‍්‍රාමික ක‍්‍රීඩකයින් විදෙස් ක්‍රිකට් ලීගවලට සහභාගී වීම නියාමනයට ඉන්දියාව සැරසෙයි

විශ‍්‍රාමික ක‍්‍රීඩකයන් විදේශ ලීගවලට සහභාගී වීම නියාමනය කිරීමේ ක‍්‍රියාවලියක් ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (07) රැස් වූ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව එරට ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විදේශීය විස්සයි විස්ස ලීගවලට සහභාගී වීමට අවසර ලැබෙන්නේ අයි.පී.එල්. ඇතුළු ක්‍රීඩාවේ සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගැනීමෙන් පසුව බවයි ඉන්දීය ක්‍රිකට් ආයතයේ ලේකම් ජේ ෂා පැවසුවේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතයේ ලේකම්වරයා පවසා සිටියේ මසක් පමණ කාලයක් තුළ එම ප්‍රතිපත්ති තීරණය කර එය අනුමැතිය සඳහා නැවතත් විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

බොහෝ ඉන්දියානු ජාත්‍යන්තර ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමෙන් පසු විදේශීය ලීග් තරඟාවලිවල මෑතක සිට දැකගන්නට ලැබීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?