විශ‍්‍රාමික ක‍්‍රීඩකයින් විදෙස් ක්‍රිකට් ලීගවලට සහභාගී වීම නියාමනයට ඉන්දියාව සැරසෙයි

විශ‍්‍රාමික ක‍්‍රීඩකයන් විදේශ ලීගවලට සහභාගී වීම නියාමනය කිරීමේ ක‍්‍රියාවලියක් ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය විසින් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (07) රැස් වූ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව එරට ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විදේශීය විස්සයි විස්ස ලීගවලට සහභාගී වීමට අවසර ලැබෙන්නේ අයි.පී.එල්. ඇතුළු ක්‍රීඩාවේ සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගැනීමෙන් පසුව බවයි ඉන්දීය ක්‍රිකට් ආයතයේ ලේකම් ජේ ෂා පැවසුවේ.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් ආයතයේ ලේකම්වරයා පවසා සිටියේ මසක් පමණ කාලයක් තුළ එම ප්‍රතිපත්ති තීරණය කර එය අනුමැතිය සඳහා නැවතත් විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

බොහෝ ඉන්දියානු ජාත්‍යන්තර ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීමෙන් පසු විදේශීය ලීග් තරඟාවලිවල මෑතක සිට දැකගන්නට ලැබීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව දී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03