AFC Banner
Empty Ad
Empty Ad

විශ්‍රාමිකයින්ට අද සිට ලබෙන සහනය

විශ්‍රාමික හැඳුනුම්පතකට හිමිකම් කියන ඕනෑම විශ්‍රාමිකයෙකුට කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය හරහා අද සිට බලාත්මක වන පරිදි සහන පැකේජයක් හඳුන්වාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවලින් මෙම වට්ටම් සහිත ගණුදෙනු කිරීමේ හැකියාව විශ්‍රාමිකයින්ට සැලසෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

භාණ්ඩ මිලදි ගැනීමේදී බිල්පතෙහි මුළු එකතුව සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදීමත්, සෑම මාසයකම විශ්‍රාම වැටුප් සතිය තුළ තෝරා ගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමත් මේ යටතේ සිදු කෙරෙනවා.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිනමාහල්වලින් ටිකට්පත් මිල දී ගැනීම්වල දී සියයට 25 ක වට්ටමක් සහ කේ එෆ් සී අවන්හල්වල රුපියල් 5000ට වැඩි බිල්පත් සඳහා සියයට 10ක වට්ටමක් ද විශ්‍රාමිකයින්ට මෙහිදී ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?