විවෘතභාවය පුළුල් කරමින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන ඒමට චීනය සූදානම්

චීනය සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය ‍විශාල වෙළඳපොලෙන් ලෝකයට අවස්ථා ගෙන දෙනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසනවා.

ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා හොන්ග්චියාඕ ජාත්‍යන්තර ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය කරමින් චීන අගමැතිවරයා මේ බව සඳහන් කළා.

එතුමා පෙන්වා දෙන්නේ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම, සිය රට ලෝකයට ඇති විවෘතභාවය පුළුල් කිරීම හා සහයෝගීතාව පිළිබඳ ‍චීනයේ ගැඹුරු ප්‍රතිඥාව ලෝකය වෙත පිළිබිඹු කරන්නක් ලෙසයි.

2018 වසරේ පැවති පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනය ලෝකය වෙත පිරි නැමූ එක් දිශාගත ආරාධනාවක් බවත්, පසුව එය චීනය හා ලෝකය අතර අ‍න්‍යෝන්‍ය ප්‍රතිඥාවක් බවට පත් ව විවෘතභාවයේ හා සහයෝගීතාවේ අපේක්ෂාවක් වී ඇතැයි ද චීන අග්‍රාමාත්‍යවරයා පවසනවා.

එලෙස විවෘතභාවයේ සම්මුතීන් ශක්තිමත් කිරීමේ වැදගත් බව පෙන්වා දුන් ලී ච්‍යන් මහතා මතු කර සිටින්නේ, සියළු පාර්ශ්ව ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය වෙත අනුගත වීමේ අවශ්‍යතාවයි.

එහිදී බහුපාර්ශ්වික හා ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළඳ ගිවිසුම් අවංක ලෙස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ද චීන අගමැතිවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම චීනය ආයතනික විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසි සමග සක්‍රීයව බද්ධ වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසනවා.

ලෝක ‍වෙළඳ සංවිධානය සමග බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය දැඩිව සුරකිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවලට‍ ගෝලීයකරණයේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට චීනය සහාය වනු ඇතැයි ද චීන අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල සියළු පාර්ශ්ව සමග අඛණ්ඩව සමීප සම්බන්ධීකරණ හා සහයෝගතා පැවැත්වීමට චීනය සූදානම් අතර, සංවර්ධන එකඟතාව සඳහා ආයෝජන පහසුකම් සැලසීම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට ද සූදානම් බවයි චීන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

මේ අතර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඇමතූ විදෙස් නායකයින් සහ ජාත්‍යන්තර සංවිධනාවල ප්‍රධානීන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව ඇතැයි පෙන්වා දී තිබීම ද වඩාත් කැපී පෙනෙන්නකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?