විවෘතභාවය පුළුල් කරමින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන ඒමට චීනය සූදානම්

චීනය සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය ‍විශාල වෙළඳපොලෙන් ලෝකයට අවස්ථා ගෙන දෙනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසනවා.

ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා හොන්ග්චියාඕ ජාත්‍යන්තර ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය කරමින් චීන අගමැතිවරයා මේ බව සඳහන් කළා.

එතුමා පෙන්වා දෙන්නේ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම, සිය රට ලෝකයට ඇති විවෘතභාවය පුළුල් කිරීම හා සහයෝගීතාව පිළිබඳ ‍චීනයේ ගැඹුරු ප්‍රතිඥාව ලෝකය වෙත පිළිබිඹු කරන්නක් ලෙසයි.

2018 වසරේ පැවති පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනය ලෝකය වෙත පිරි නැමූ එක් දිශාගත ආරාධනාවක් බවත්, පසුව එය චීනය හා ලෝකය අතර අ‍න්‍යෝන්‍ය ප්‍රතිඥාවක් බවට පත් ව විවෘතභාවයේ හා සහයෝගීතාවේ අපේක්ෂාවක් වී ඇතැයි ද චීන අග්‍රාමාත්‍යවරයා පවසනවා.

එලෙස විවෘතභාවයේ සම්මුතීන් ශක්තිමත් කිරීමේ වැදගත් බව පෙන්වා දුන් ලී ච්‍යන් මහතා මතු කර සිටින්නේ, සියළු පාර්ශ්ව ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය වෙත අනුගත වීමේ අවශ්‍යතාවයි.

එහිදී බහුපාර්ශ්වික හා ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළඳ ගිවිසුම් අවංක ලෙස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ද චීන අගමැතිවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම චීනය ආයතනික විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසි සමග සක්‍රීයව බද්ධ වනු ඇතැයි ද අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසනවා.

ලෝක ‍වෙළඳ සංවිධානය සමග බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය දැඩිව සුරකිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවලට‍ ගෝලීයකරණයේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට චීනය සහාය වනු ඇතැයි ද චීන අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල සියළු පාර්ශ්ව සමග අඛණ්ඩව සමීප සම්බන්ධීකරණ හා සහයෝගතා පැවැත්වීමට චීනය සූදානම් අතර, සංවර්ධන එකඟතාව සඳහා ආයෝජන පහසුකම් සැලසීම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට ද සූදානම් බවයි චීන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ.

මේ අතර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඇමතූ විදෙස් නායකයින් සහ ජාත්‍යන්තර සංවිධනාවල ප්‍රධානීන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව ඇතැයි පෙන්වා දී තිබීම ද වඩාත් කැපී පෙනෙන්නකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50